Colombo Today Local News

මානව හිමිකම් කොමසාරිස්‌ ලවා දරුණු කොටි 10 ක්‌ නිදහස්‌ කර ගැනීමේ තැතක්‌

husein ltte 23

බරපතළ යුද අපරාධ පහක්‌ සිදු කළ කොටි ත්‍රස්‌තයන් දසදෙනකු මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ලවා බේරා ගැනීමට ද්‍රවිඩ සන්ධානය සහ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන දැඩි උත්සාහයක්‌ ගත් බව අනාවරණය වී ඇත.

විල්පත්තු කැලෑවේදී කර්නල්වරයකු ඇතුළු සෙබළුන් 8 දෙනකු ගමන් කළ ජීප් රියක්‌a බිම්බෝම්බ ප්‍රහාරයකින් විනාශ කිරීම, හමුදා භටයන් 57 ක්‌ සමග අනුරාධපුරයේදී ඇන්ටනෝව් යානාවක්‌ විනාශ කිරීම, අනුරාධපුර ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කර යානා 16 ක්‌ විනාශ කිරීම විල්පත්තුවේදී ඇන්ටනෝව් යානාවක්‌ මිසයිල එල්ල කර විනාශ කිරීම සහ මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය කිරීම යන චෝදනා මෙම කොටි සාමාජිකයන්ට ඉදිරිපත් වී තිබුණි. මේ අතර රැඳවුම් භාරයේ සිටි හිටපු කොටි ත්‍රස්‌තයෝ 7 ක්‌ නිදහස්‌ කර ඇත. ඔවුන් අතර මැලේසියාවේදී අත්අඩංගුවට ගත් හිටපු කොටි ක්‍රියාකාරිකයකු ද වේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් වරාය මාධ්‍ය ලොක්කාගේ කාර්යාලයට අර්ජුණ සීල් තබයි

colombotoday

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂක කම දෙපැත්තෙන්ම ඉල්ලයි

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

colombotoday

ඉන්ධන මිල සූත්‍රය නොගැලපෙන්නක් – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම තාවකාලිකව තහනම් කරයි… අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday