Colombo Today Local News

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

වඳුරඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දී කඩදාසි කපන පිහියකින් එම සිසුවාගේ කන කපා බරපතළ තුවාල සිදුකළ පාසල් සිසුන් 5ක් නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේම පාසල් කිහිපයක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

නාගොඩ, බෝවිටියමුල්ල හන්දියේ දී ඊයේ (03) දහවල් තුවාල ලැබු සිසුවාට තවත් පිරිසක් පහර දී තිබුණේ සවස 1.50ට පමණය.

පුද්ගලික ආරවුලක් මත අදාළ පහරදීම සිදුව ඇති අතර, පහරදුන් පිරිස අතැති කඩදාසි කපනයකින් සිසුවාගේ කනට පහළින් කපා තිබේ.

පහරකෑමට ලක්වු සිසුවා ඉන් මිදීම සඳහා අසල ඇති කැලයකට රිංගා දිවි බේරාගෙන ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වෙතත් පසුව එම සිදුවීමට අදාළ සිසුන් පිරිස ගම්වාසීන් එක්ව අල්ලාගෙන ඔවුන්ට පහරදී පොලීසියට භාරදී ඇත.

පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට ගාල්ල, කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Related posts

ලබන පාසල් වාරයේ සිට මිලියන දෙකක් සිසුන්ට දිවා ආහාරය පාසලෙන්ම

Admin

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

Video: හිංදු දැරිවියකට අතවර කිරීමට පැමිණි මුස්ලිම් ජාතිකයන් තුන් දෙනෙකුට අක්කරේපත්තුවේදී ප්‍රහාරයක්

colombotoday

පොලිස්පතිවරයාට සහ CIDයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Admin

සරුංගලයක නූලක් බිලිදෙක් සහ මවකට මරු කැදවයි

colombotoday

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday