Colombo Today Local News

කොලොන්නාවේදී පිරිසක් අහසට වෙඩි තබා විසුරුවයි

කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට තැත් කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ බව පොලිසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසය පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කොලොන්නාව සිංහපුර ක්‍රීඩාංගනය ප්‍රදේශයේ මෙහෙයුම් රාජකාරි වල යෙදී සිටියදී පුද්ගලයකු අත තිබූ යමක් විසි කරන අයුරු පොලිස් නිලධාරීන් දැක ඇත.

එම සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීම සඳහා උත්සහ කිරීමේදී අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.

එම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළ වලට කිසිදු හානියක් වී නැත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.

Related posts

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

colombotoday

ජන්නධිපතිවරණය ලබන ඔක්තොම්බරයේද?

Admin

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin

වසර 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවතන්න සැලසුම්

Admin

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday