Colombo Today Local News

අවධානයෙන් ඉන්න. – බේරුවල භූ චලනය ගැන විස්තර

අද (30) දහවල් වාර්තා වූ භූ චලනය පිළිබඳ අවදානමක් නොමැති වුවත් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

අද දින දහවල් 1.02 ට පමණ බේරුවල මුහුදේ කිලෝමීටර් 24ක් පමණ දුරින් වාර්තා වූ භූ කම්පනය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජ්‍යෙෂ්ඨ භූකම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන සඳහන් කළේය.

“මෙම චලනය අපගේ භූ කම්පන උපකරණ මධ්‍යස්ථාන හතරෙම සටහන් වුණා. බේරුවල සිට කිලෝමීටර් 24ක් දුරින් මුහුදේ රික්ටර් මාපාංක 3.7ක භූ චලනයක් වාර්තා වෙලා තිබෙනවා.”

“කළුතර, මග්ගොන, බේරුවල, බෙන්තොට ඒ වගේම පිළියන්දල ප්‍රදේශවල ජීවත්වෙන මහජනතාව මෙම චලනය දැනුණු බවට වාර්තා කරලා තිබෙනවා.”

“මෙවැනි භූ චලනයකින් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නැහැ. සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි අවදානම් මට්ටම විදියට අපි සලකන්නේ රික්ටර් පරිමාණයේ 6.5ක් හෝ 7 වැනි අගයගෙන් ඉහළ ඒවා.”

“ලංකාවේ භූගෝලීය පිහිටීම ගත්තාම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙන් කරන්න බැහැ. එක පිහිටීමක්. පසුගිය කාලයේ වාර්තාවූ සිද්ධිත් සමග අපගේ ආයතනය දීර්ඝ අධ්‍යයනක් සිදුකරමින් පවතිනවා.”

“ඉතිහාසයෙත් මෙම ප්‍රදේශවලින් වරින්වර සුළු භූ චලන වාර්තාවෙලා තිබෙනවා.”

“මේ පිළිබඳ අනිසි බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. නමුත් අවධානයෙන් ඉන්න. භූ චලනයක් ගැන යම් දැනීමක් ඇති වුණොත් කඩිනමින් දැනුවත් කරන්න.”

Related posts

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

colombotoday

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

ලංකාවේ මුද්‍රණ කඩදාසි හිඟයක්.. බහාලුම් මිලත් ඉහළට

colombotoday

මාතර – මත්තල අධිවේගයේ බිලියන 123 ක ටෙන්ඩර් මගඩියක් !

colombotoday

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගෑස් පිපිරීම් ගැන නිවේදනයක්

colombotoday

කොරෝනා මරණ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

colombotoday