Colombo Today Local News

පරවි සුදාගේ ගෝලයා රට පනින්න යද්දී මාට්ටු

ඩුබායි රටේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍යජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන පරවි සුදා ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මෙහෙයවන බව කියන ඔහුගේ ප්‍රධානතම ගෝලයකු ඩුබායි රටට පලා යෑමට පැමිණ සිටි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේ දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැබෑ නම වෙනුවට වෙනත් නමක් යොදා සකස් කර ගත් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මොහු ඩුබායි රටට පලා යෑමට පලා යෑමට උත්සාහ කර ඇතැයි පොලීසිය පවසයි.

එම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය ද සැකකරු ළඟ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

ඩුබායි රටේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මෙහෙයවන බවට සැලකෙන පරවි සුදා නැමැත්තා මොහු එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට තිබේ. ඩුබායි රටට පලා යෑමට පැමිණි අවස්ථාවේ මොහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ කටුනායක ඒකකයේ පොලිස් නිලධාරීන් විසිනි.

Related posts

ඡන්දේ කල් දැම්මොත් ලේ වැගිරීම් ඇති වේවි

Admin

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

colombotoday

කිරි වෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

colombotoday

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday

සිරසෙන් දිලිත් ජයවීරට දරුණු ප්‍රහාරයක් – කොටස් වෙළදපොළේ වංචා ගැනත් හෙළි කරයි

colombotoday

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday