Colombo Today Local News

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

මහනුවර, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසලදී දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

ඊයේ (26)දින බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක එලෙස සිසුවා ගැටී ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් අත්තේ, මහනුවර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන, මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සිසුවා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් පදිකයින් ගමන් කරන ගුවන් පාලමේ නොයා දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි

colombotoday

ජාතික ආණ්ඩුවට මම තරයේ විරුද්ධයි – අගමැතිත් ඉන්න තැන ජනපති කියයි

colombotoday

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

පාන්, බනිස් ඇතුළු පිටි කෑම රුපියල් පහකින් ඉහළට…

colombotoday

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

colombotoday