World

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වී තිබේ.

එය නිරීක්ෂණය වී ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් පමණ දුරින් පිහිටි VHS 1256b ලෙස හැඳින්වෙන ග්‍රහලෝකයෙන් බව අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උසස් තාක්ෂණයකින් සමන්විත James Webb අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) භාවිතයෙන් මෙම දූවිලි කුණාටුව නිරීක්ෂණය කර තිබේ.

නමුත් James Webb දුරේක්ෂය මගින් අනාවරණය කරන ලද කුණාටුව අපගේ ග්‍රහලෝකයේ කාන්තාරවල දක්නට ලැබෙන සංසිද්ධිය නොවන අතර එය ඝන මීදුමක් අකාරයෙන් දැකිය හැකි බවයි වාර්තා වන්නේ.

VHS 1256b ග්‍රහලෝකයෙහි වලාකුළු පෘථිවියේ වලාකුළු හා සමාන වන නමුත් ඒවා තරමක් උණුසුම් වන අතර වලාකුළු මුදුනේ උෂ්ණත්වය ඉටිපන්දම් දැල්ලක උෂ්ණත්වයට සමාන බව සඳහන් වේ.

චිලී රාජ්‍යයේ Webb Vista දුරේක්ෂය මගින් VHS 1256b ග්‍රහලෝකය මුලින්ම හදුනාගැනීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක්

colombotoday

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

ලොව ධනවත්ම යාචකයා

Admin

නැගෙනහිර චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

colombotoday