Colombo Today Local News

නොරොච්චෝලේ බිඳ වැටුණු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කරන්න දින 12 ක් ගතවේවි – විදුලිබල මණ්ඩලය කියයි

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටී ඇති තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12ක් පමණ ගත වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරා යාමෙන් එය බිඳ වැටී ඇති බව එහි සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

මේ වනවිට එම යන්ත්‍රයේ ඇති අධික රස්නය හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට හැකියාවක් නොමැති බව සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මාසයේදී තුන්වැනි ජනන යන්ත්‍රයේ නඩත්තුවක් කිරීමට සැලසුම් කර තිබූ බවයි.

විදුලිබල මණ්ඩලය සතු ඩීසල් ඇතුළු ඉන්ධන බලාගාර හරහා ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, මේ හේතුවෙන් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

Related posts

කොණ්ඩයා නිරුවතින් වත්තකට පැන එළදෙනකට හදි කරන්න හදලා.. අල්ලන්න පොලීසියෙන් සොයයි

colombotoday

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

colombotoday

වියපත් නොවූ ‘අකාලික පෞරුෂය‘… මහින්දගේ පුතු හෙළිකරයි !

colombotoday