නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රජපක්ෂගේ සේවය පෙබරවාරි 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉල්ලීම පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම කොළඹ මහාධිකරණයේදී අද (29) සලකා බැලුණා.ඇප අයදුමට නීතිපතිවරයා විරුද්ද වීම නිසා ඔහුගේ ඇප අයදුම්පත මහාධිකරණය ඉවත දැමීය. වැඩි දුර විභාගය මාර්තු 08 වැනිදාට කල් දමනු ලැබීය