Colombo Today Local News

පිළිකා රෝගී නැන්දම්මාට පහර දෙන මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරිය

ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මත සිය නැන්දම්මාට පහර දුන් බව කියන මහනුවර ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් ඊයේ පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි අදාළ ගුරුවරිය තම 80 හැවිරිදි නැන්දම්මාට පහර දෙන බවට ප්‍රදේශවාසීන් පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.

ඒ අනුව, එම ස්ථානයට පැමිණි පොලිසිය, සැකකාර කාන්තාවට දන්වා ඇත්තේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා දවුලගල පොලිස් ස්ථානයට පැමිණෙන ලෙසයි.

වින්දිතයාට පහරදීමට ගුරුවරිය පමණක් නොව ඇගේ මව සහ ඇගේ දියණියද සම්බන්ධ බව වාර්තා විය.

පිළිකා රෝගයෙන් පෙළෙන ගුරුවරියගේ නැන්දම්මා අවස්ථා ගණනාවකදී පහරදීම්වලට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වි ඇත.

පොලිසිය ගුරුවරියට දැඩි ලෙස අවවාද කර ඇති අතර, වින්දිත මවට දිගින් දිගටම පහරදීම් කළහොත් ඇයට එරෙහිව නඩු පවරන බව දන්වා තිබේ.

Related posts

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

“ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ මීළග ජනාධිපතිවීම ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ඉල්හාම් හා ඉන්සාෆ් ගේ පියා ඊබ්‍රාහීම් ජ.වි.පෙ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම ගැන අනුරගෙන් ප්‍රශ්න කරන්න යයි

colombotoday

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

colombotoday

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි – ඇමති ප්‍රසන්න කියයි

Admin

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday