Colombo Today Local News

ගොවීන්ට චීනයෙන් ලැබුණු ඩීසල් කඩිනමින් බෙදන්නැයි, කෘෂිකර්ම ඇමතිගෙන් නියෝග..

චීන රජයෙන් මෙරටට පරිත්‍යාග කළ ඩීසල් තොගය කඩිනමින් ගොවි ජනතාව වෙත බෙදා හරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට නියෝග කර ඇත.

ඒ අදාළ ඩීසල් තොගය බෙදා හැරීම ප්‍රමාද වී ඇති බවට පැමිණිලි රැසක් ලැබීමත් සමගයි.

මහ කන්නයේ අස්වනු නෙළන ගොවීන්ට ප්‍රයෝජනයට ගැනීම සඳහා චීනය මෙම ඩීසල් තොගය ලබා දුනි.

කෙසේ වෙතත් එම ඩීසල් ගොවීන්ට ලබාදීමට කෘෂි බලධාරින්ට මෙතෙක් හැකි වී නොමැත.

ඒ අනුව ඩීසල් බෙදාදීමට පෙර ඒ සඳහා ටෝකන් පත් අද(03)දිනයේ සිට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා වගා කළ ගොවීන්ට මෙම ඩිසල් තොගය බෙදා හැරෙන අතර ඒ අනුව හෙක්ටෙයාරකට ඩීසල් ලීටර් 15ක් ගොවීන්ට නොමිලේ ලබා දීමට නියමිතව ඇත.

Related posts

ඉතිහාසයේ වැඩිම ළමා අපචාර හා හිංසා නඩු ප්‍රමාණයට නීතිපති උපදෙස් දී අවසන් – නඩු ගණන 12,968

colombotoday

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

colombotoday

මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියේ සී සෑමක්

colombotoday

ආණ්ඩුව පෙරළන සාකච්ඡා ඇරඹෙයි !

colombotoday

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin