Colombo Today Local News

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මේ වන තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් පොලිසිය ලබාදී නොමැති බව රජයේ මුද්‍රණාලය පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා ලියනගේ මහත්මිය පැවසුවේ එම තත්ත්වය තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වන බවයි.

ඊයේ පස්වරුව වන විට ප්‍රධාන ගේට්ටුවේ රාජකාරි සඳහා පමණක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා සිටි බව ද ඇය සඳහන් කළා ය.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් නිලධාරින් 65 දෙනෙකුගේ ආරක්ෂාවක් අවශ්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි අදාළ අංශවලින් ඉල්ලීම් කර ඇති බව ද ඇය සඳහන් කළා ය.

Related posts

Online පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

colombotoday

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

රනිල්ට බහුතරයට අහිමි කරමින් හකීම්, බදුර්දීන් මක්කම යයි.. තවත් මන්ත්‍රී පිරිසක් ආගිය අතක් නෑ…

colombotoday

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

මුරුංගා කිලෝවක් රු. 3000යි

Admin