Colombo Today Local News

ලංකාවට IMF සල්ලි ගන්න තවත් වැඩ ටිකක් කරන්න තිබෙනවා – සාගල රත්නායක

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවීමට පෙර තවත් කටයුතු කිහිපයක් නිම කිරීමට තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

එම කාර්යයන් නිම වූ විගස ගිවිසුම අස්සන් කළ හැකි යැයි පැවැසූ හෙතෙම අනතුරුව දේශීය ආර්ථිකයට සැලකිය යුතු මූල්‍ය ප්‍රවාහයක් එකතු වනු ඇතැයි සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින කොළඹ මහ නගර සභාවේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මාලිගාවත්ත, ඛෙත්තාරාම පාරේ පසුගිය (18)දා පැවැත්වූ මහජන හමුවකට එක්වෙමින් රත්නායක මහතා මේ බව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දීමට පියවර ගනු ඇති බව ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා කීය.

අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි දිශාවට ගැනීමේ මූලික අඩිතාලම ඇරඹිය හැකි බව ද ඔහු කීවේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩගැනීම සඳහා නීති‍, රෙගුලාසි හා ක්‍රමවේද සකස් කරගෙන යන බව පැවැසූ හෙතෙම එතුළින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිවනු ඇතැයි සඳහන් කළේ ය.

Related posts

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday

අමරවීර-දුමින්ද මහලේකම් ධුරවලින් ඉවත් කරන්න මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් පැනවූ තහනම දීර්ඝ කෙරේ

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday