Colombo Today Local News

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරන්න මනූෂ සහතික වෙයි

ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඇතිවන කාර්යයමය ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට, එරට සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බවට ඇමැතිවරයා සහතික වී තිබේ.

ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරත ව සිටින අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේ දී ඇමැතිවරයා මෙම සහතිකය ලබා දුනි.

ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ගත යුතු අනුමැතීන් ලබාගැනීමට විශාල දුරක් ගෙවා තානාපති කාර්යාලයට පුද්ගලිකව පැමිණිමට සිදුවන බවත්, එයට විශාල කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත්, ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ.
මේ අතරම තානාපති කාර්යාලයේ පවතින නිලධාරී හිඟය නිසා ද අනුමැතීන් ලබාගැනීමේ කටයුතුවලට අමතර කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත් ඔවුහු සඳහන් කැළේය.

එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ දී දුරස්ථ ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පමණක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහි දී එකඟතාවයකට පැමිණියේය.

සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තා ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා ඇතිවී තිබෙන ගැටලු සහ ඕමානයේ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතන නියෝජිතයන් මුහුණදී තිබෙන ගැටලු සඳහා දිය හැකි විසඳුම් පිළිබඳ ව ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

Related posts

“ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි පැවසූ ඇමති මහනුවර සංවර්ධනය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

චාවා බෝම්බ සිද්ධියට.. මහ කොටියා රැක්ක චාල්ස් ඇන්තනී බලකායේ අණ දෙන්නා අත්අඩංගුවට

colombotoday

හරක් හොරුන්, ජාවාරම්කාරයන්, ස්ත්‍රී දූෂකයන්, නමගිය අපරාධකාරයන්ටත් නාම යෝජනා !

colombotoday

IOC ඉන්ධන මිල පහල යයි

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday