Colombo Today Local News

13ට එරෙහිව විරෝධතාව‍යක් – පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද(8)දින පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුනි.

ඒ භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමගය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද (08) පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කර ඇත.

එහිදී පොලිසිය පාගමනට බාධා එල්ල කළත් භික්ෂූන් වහන්සේ අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූහ.

අනතුරුව භික්ෂූන් වහන්සේ පාගමනින් දියත උයන පසුකරමින් පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ.

Related posts

තෙල් සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

Admin

ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

colombotoday

දඹුල්ලේ එළවළු මිල පාලන මිලටත් අඩුයි.

colombotoday

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

Admin

“ආගමික සහජීවනය ඇති කරන්න නම් හංගන්න ඕන අසාද් සාලි“ – අධිකරණ ඇමති

colombotoday

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට

colombotoday