Colombo Today Local News

පොහොට්ටු මන්ත්‍රී තිදෙනෙක් නුවරඑළිය සෙන්පති මැදුරේ ඇල්ලු අඩව්ව සොයා විමර්ශන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග පැමිණි කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් නුවරඑළිය සෙන්පති මැදුරේ පැවති සාදයකදී ගිනි අවියක් පත්තුවීම සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ, සෙන්පති මැදුරේ කළමනාකරු නුවරඑළිය පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.

මෙහිදී කළමනාකරු මිලිමීටර් 9 වර්ගයට අයත් හිස් පතොරම් දෙකක් ද පොලිසිය වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

ඉකුත් 28 වන දා මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළු 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නුවරඑළිය සෙන්පති මැදුරේ නවාතැන්ගෙන ඇති අතර එදින රාත්‍රියේ ඔවුන් මැදුරේ සාදයක් පවත්වා තිබේ.

සාදය පවත්වාගෙන යන අතරතුර කළමනාකාරවරයාට වෙඩි හඬ දෙකක් ඇසී ඇති අතර පසුව ඔහු ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිට සාදය නිමා වූ පසු දින එම ස්ථානය පරීක්ෂා කර ඇතැයි කියති.

එහිදී ඔහුට එම ස්ථානයේ බිම වැටී තිබී පතොරම් දෙක සොයා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වේ.

ඔහු පොලිසියට පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග ඔවුන්ගේ කණ්ඩායම් පැමිණි බවකි.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසිදු අයෙකුට තුවාලයක් හෝ දේපළ හානියක් සිදුවූ බව මෙතෙක් වාර්තා වී නැත.

එහෙත් නුවරඑළිය සෙන්පති මැදුර තුළ වෙඩි තැබීම සිදු කළේ කවුරුන් ද? ඒ, කා සතු ගිනිඅවියකින් ද? නැතහොත් මෙම වෙඩිතැබීම ‘මිස් ෆයර්’ එකක් ද? යන්න සොයාගැනීම සඳහා නුවරඑළිය පොලිසිය මෙම විමර්ශනය අරඹා තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ද දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

Related posts

මුදල් විශුද්ධිකරණ චෝදනා : නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප !

colombotoday

ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාවෙන් විදේශීය සමාගම් අතට.. රණවිරුවන් මහපාරට – ඒ ගැන සේනාධිපති කියන කතාව

colombotoday

තුන් මාසෙන් රට ස්ථාවර කළා

Admin

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත 21දා සිට දුම්රිය වාර 130ක්

colombotoday

(Video) මානුෂීය මෙහෙයුම ගැන මෙතෙක් නොකී මානුෂීය කතාවක් විජයග්‍රහණයේ නියමුවා හෙළි කරයි

colombotoday

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin