Colombo Today Local News

15 හැවිරිදි දැරියක මහල්ලන්ට විකුණූ මව සමග 4ක් අත්අඩංගුවේ

මවගේ අනුබලය ඇතිව 15 හැවිරිදි දැරියක ගණිකා වෘත්තීයේ යෙදවීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ මව සහ තවත් පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති පිරිමි පුද්ගලයන් පානදුර, කෙසෙල්වත්ත සහ ගොරකාන ප්‍රදේශයේ පදිංචි දැරියව මුදලට ලබාගෙන ඇය සමග ලිංගිකව හැසිරුනු පුද්ගලයන් බව පොලිසිය පවසයි. ඔවුන් අතර අවුරුදු 84 ක් වයසැති ලියවන පට්ටල් කරුවකු සිටින බවද පොලිසිය කියයි.

බාල වයස්කාර දැරියක වැඩිහිටි පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට තොරතුරක් පිළිබඳ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලද උපදෙස් මත කාන්තා උප පොලිස් පරීක්ෂක කමලා මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම දැරිය මුදාගෙන රෝහල් ගතකර තිබේ.

ලබාදී ඇති ප්‍රකාශ අනුව ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක විසින් දැරියගේ මවද රවටා ඇයටද මුදල් ලබාදී දැරියව වැඩිහිටි පුද්ගලයන්ට අලෙවිකර හෝටල් කාමරවලට රැගෙන ගොස් ලිංගිකව හැසිරී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ව්‍යාපාරික කාන්තාව ප්‍රදේශයේ හැරහොස් සිටින බවත් ඇය සොයා පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් සදහන් කරයි.

Related posts

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

colombotoday

රනිල්ගේ කට බොරු කීවත් සුමන්තිරන්ගේ දිව බොරු නොකියයි… අලුත් ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරන හැටි කියයි…

colombotoday

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

colombotoday

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

colombotoday

දෘෂ්‍යාබාධිත සභාපති මාලිමා ජාතික ලැයිස්තුවට

Admin

නියෝග නොතකා එස්. එස්.පී. අල්ලන්න ගිය කොස්තාපල්ගේ සහ සාජන්ගේ වැඩ තහනම්

colombotoday