Colombo Today Local News

කෝටි 03ක නිධන් වස්තු විකිණීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවේ

නිධානයකින් ලබාගත් බවට සැකකෙරෙන පුරාවස්තු විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටි සැකකරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) පස්වරුවේ පානදුර මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළුතර ප්‍රදේශයේ පිහිටි හෝටලයක රථ ගාලක් අසල සිදුකළ වැටීමක දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්.

මෙම ජාවාරම මෙහෙයවන ලද ප්‍රධාන සැකකරු සෞඛ්‍ය හේතුන් මත යුද හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ සෙබලෙකු වන බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

එම සැකකරු 34 හැවිරිදි මොරගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා අවුරදු 36ක් සහ 42 ක් වන ගන්දර හා කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සැකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ්‍ය වී ඇත්තේ අදාළ භාණ්ඩ රුපියල් කෝටි 03කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි.

සැකකරුවන් අද (23)දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

Admin

නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් සීමා – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin