Colombo Today Local News

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට එමින් හය වෙනි ස්ථානයට පත්ව තිබේ.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 කි.

ගියවර දර්ශකයේ සියයට 74 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබූ අතර නව දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් හයවෙනි ස්ථානය ලබා ගෙන ඇත.

නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 64 දක්වා පහළ වැටී තිබේ.

ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 376 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 171 ක් සහ 158 ක් වේ.

Related posts

පන්සලක ඉඩමක් උකස් තියා හම්බන්තොට දේශපාලකයෙක් මිලියන 50 ක් අරන් – රන්ජන් කියයි

colombotoday

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin

වියළි ආහාර මල්ල ගන්න ගිය නැන්දම්මා බෑණාගේ පිහිපහරින් මරු දකී

Admin

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

colombotoday

මුලතිව් ගුරුකන්ද විහාරය වසර 2000 කට වඩා පැරණි බෞද්ධ නටබුන් සහිත භූමියක් – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් උසාවියේදී කියයි

colombotoday