Colombo Today Local News

“අපේ යහපාලනය ලෝකෙටම ආදර්ශයක්.. ලංකාව දැන් ඉතිහාසගත තැනක” – අගමැති

ranil

රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීමෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් දුන්නේ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (25) කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවසීය.

එසේම එලෙස ප‍්‍රධාන පක්ෂ දෙකක එකුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවූ ආසියා ශාන්තිකර කලාපයේ ප‍්‍රථම රට ශ්‍රී ලංකාව යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ,නවසීලන්තය , ඕස්ටේ‍්‍රලියාව, ජර්මනිය ,මොන්ටිනිග්‍රෝ, ලෙබනනය, නේපාලය, මාලදිවයින ,මොන්ගෝලියාව ඇතුළු රටවල් 26ක දේශපාලනඥයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ය.

‘2014 නොවැම්බර් මාසයේ මෙරට ප‍්‍රධාන පෙළේ පක්ෂයක ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ධූරයට ඉදිරිපත්වී ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමෙන් රටේ යහපාලනය ඇති වුණා. විවිධ ආගමික සංවිධාන සහ සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව අප සමඟ එකතු වුණේ නව ගමන් යෑමටයි.‘

‘ඉන් සිදුවූ ප‍්‍රගතියෙන් පසුව ශ්‍රී ලංකාව අද සංහිඳියාවේ කි‍්‍රයාවලියට යොමු වී තිබෙනවා. අද ශ්‍රී ලංකාව ඉතිහාසගත තැනකට පත්වෙලා තියෙනවා. අද ආණ්ඩුව යහපාලනය උදා කරගන්න කැපවී කටයුතු කරනවා. සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කරගන්න මේ ආණ්ඩුව ඇප කැපවෙලා කටයුතු කරනවා.

Related posts

🔴🔴🔴Breaking News🔴🔴🔴 බටලන්දේ කුප්‍රකට ඝාතකයා කට අරී!

colombotoday

“ජනතාව ඔබට ඡන්දය දුන්නේ රට බෙදන්න නෙවෙයි“ – ගැටඹේ නාහිමි ජනපතිට ලියයි

colombotoday

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

අයි.එම්.එෆ් සාකච්ඡා කල් ගියේ ඇයි?

Admin

මහින්ද රාජපක්ෂ නැති ශ්‍රීලනිපය හිස නැති මළකදක්.. රටටම හඬන්න වෙන දිනය ඉතා ළඟයි

colombotoday

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday