World

අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් 180ක් නසී

අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් කෙන්යානු හමුදා කඳවුරක් වෙත පසුගිය මාසයේ සිදුකළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව සෝමාලියා ජනපති හස්සන් ෂෙයික් මහමූද් පවසයි.

දකුණුදිග සෝමාලියාවේ එල්-අඩේ ප්‍රදේශයේ පිහිටි මෙම කෙන්යානු හමුදා කඳවුරේ සිදුවූ විනාශයෙන් මියගිය පිරිස ගැන කෙන්යාව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැත.

මේ අතර, අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් පෙන්වා දෙන්නේ ඔවුන් මෙම ප්‍රහාරයෙන් කෙන්යානු හමුදාවේ 100කට ආසන්න පිරිසක් මරා දැමූ බවයි.

කෙසේ වෙතත්, මෙසේ මියගිය පිරිස 180 දෙනෙකු බව ස්ථිර වුවහොත් එය මීට දශකයකට පමණ පෙර ආරම්භ වූ අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්තයන්ගේ අතිශය ම්ලේච්ඡම ප්‍රහාරය බවට පත්වනු ඇති බව කියැවෙයි.

Related posts

අද සිට නෙදර්ලන්තයේ බුර්කාව සහ නිකාබය තහනම්

colombotoday

ගුවන් අනතුරකින් පුද්ගලයින් 09ක් මිය යයි

Admin

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin

ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

Admin

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

ඉතිහාසය හරාම්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයෝ පැල්මයිරාවේ විජග්‍රහණයේ ආරුක්කුව සුන් කරයි – Video

colombotoday