Colombo Today Local News

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ වියදම් සීමා කිරීම පිළිබඳ පනත් කෙටුම්පත හෙට (19) දිනයේ විවාදයට ගැනීම පිළිබඳ අද(18)දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවා ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඊට ජනාධිපතිවරයා ද සහභාගී වනු ඇති.

එහිදී පක්ෂ නායකයින්ගේ එකඟතාවක් ලැබුණහොත් එය හෙට දිනයේ දෙවැනි වර කියවීමේ විවාදයට යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පනත සම්මත වුව ද ඉන් බලාත්මක වන නීති මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ නොවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර පෙර ඇති කර ගත් එකඟතාවන් කඩ කරමින් මැතිවරණ වියදම් සීමා කිරීමට අදාළ පනත් කෙටුම්පත හදිසියේ විවාදයට ගැනීමට සුදානම් වන බවට විපක්ෂය පෙන්වා දෙයි.

Related posts

වනජීවි නිලධාරීන්ගේ වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

Admin

ජනපති මෛත්‍රී රුසියාවේ සංචාරයක ?

colombotoday

රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

colombotoday

කෝප් කමිටු වාර්තාව එයි.. බැදුම්කර හොරු තීන්දුයි !

colombotoday

සිලාවතුරේදී නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙක් නාවික හාමුදා භාරයට.

colombotoday