Colombo Today Local News

අසුබ පෙරනිමිති සමගින් ෆොන්සේකා රාහු කාලයේ වැඩ අල්ලයි

sarath_fonseka

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් ලබාගත් සරත් ෆොන්සේකා අද25 ප්‍රාදේශීය සංවර්ධන කෑබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.

ඉඩම් අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් සිදු වු පුරප්පාඩුව වෙනුවෙන් ෆොන්සේකාව පාර්ලිමේන්තුවට පත් කෙරුනේ, එක්සත් ජාතික පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර ඈති කර ගත් එකගතා ගිවිසුමකට අනුවයි.

සරත් ෆොන්සේකා මහතා හට පාර්ලිමේන්තු අසුන ලබාදීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තම අප්‍රසාදය පල කර තිබුණේ ඔහු මේ දේශපාලණයට නුසුදුසු බව පවසමින්. පසුගිය මෑතිවරණයට ඉදිරිපත්වූ ඒ මහතා ලබාගත්තේ ජන්ද 25 000 කට අසන්න ප්‍රමාණයක් පමණි.

අද ෆොන්සේකා මහතා අමාත්‍යවරයකු ලෙස දිවුරුන් දුන් අවස්ථාවේදී දිවයින පුරාම විදුලිය බිද වෑටීමක් සිදු වු අතර එය රටටම අසුබ පෙර නිමිත්තක් බවයි මැති ඇමතිවරු සාකච්චා කර තිබුනේ. මේම විදුලිය බිද වෑටීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද(25)රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතව තියනවා.

මේ වගේ හදිසි විදුලිය බිද වෑටීමක් සිදුවුන මොහොතක ක්‍රියාත්මක වීමට තිබු විදුලි සෑපයුම් ක්‍රියාත්මක නොවීම පිළිබදව ජනාධිපතිතුමා පවා පුදුමයට පත් වී ඇති අතර සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීම සිදු කර ඇත්තෙත් රාහු කාලය අද දිනයට උදාවෙන මොහොතේදී බවයි වාර්තාවන්නේ.

මේ සියලු සිදුවීම් මාලාව පිලිබදව අදහස් දැක්වූ බොහෝ මැති ඇමතිවරු සදහන්කලේ, ෆොන්සේකාගේ නරක කාලය පමණක් නොව රටටම නරක කාලය උදාවී ඈතිබවයි.

Related posts

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Admin

අතුරුදන් වූවන්ගේ පනත සම්මත වීම ගැන බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පොරාව සතුටින් පිනා යයි

colombotoday

අලි සබ්‍රි යලිත් ආදාහනය වෙනුවට භූමදානය ඉල්ලයි. | කෝල් 100ක් ආවොත් 99ක්ම අහන්නෙත් ඒකලු

colombotoday

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක්

colombotoday