World

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වේලාවෙන් උදෑසන 6.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව සඳහන්ය.

භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඉන්දියාවට යන සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි

colombotoday

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

Admin

රැකියාවට හැකියාව නෑ.. ඉන්දියානු ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් රැකියාවකට සුදුසුකම් නැතිලු

colombotoday

අමෙරිකාවට හිම කුණාටුවක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Admin