Colombo Today Local News

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

යාපනය, නුවර ප්‍රධාන මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේදී බිත්තර පැටවු කුඩා ලොරි රථයක් මාර්ගය ආසන්නයේ නවතා තිබු තවත් ලොරි රථයක ගැටී පෙරළී තිබේ.

අද (12) අලුයම සිදුවූ එම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.

එම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

බිත්තර පැටවු ලොරි රථය පෙරළීයාම හේතුවෙන් ලොරි රථයේ තිබු බිත්තර සියල්ල විනාශ වී ගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

කොටුව දුම්රියපොළ ඉදිරිපිට මළ සිරුරක්

Admin

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

colombotoday

අගමැතිගේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

colombotoday

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday