Colombo Today Local News

ඉන්දියාවේ දී හොරකමේ ගිය ලාංකික හොරු 4ක් අත්අඩංගුවට

දකුණු ඉන්දියාව තුළ මුදල් ඇතුළු විවිධ සොරකම්වල නිරත වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

“තක් තක්” නම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වෙමින් අදාළ පුද්ගලයින් මෙම සොරකම්වල නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද ඉන්දීය රුපියල් ලක්ෂ 46කට අධික මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

පසුගිය දෙසැම්බර් 29 වන දින ආපන ශාලාවක් අසල නවතා තිබු මෝටර් රථයක වීදුරුවක් කඩා ඉන්දීය රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිල්ලි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු පොලීසිය ඊට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ සොරකම සඳහා සහභාගී වු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දිල්ලි සහ වෙනත් ප්‍රදේශවල තාවකාලික පැල්පත්වල ජීවත් වන පිරිසක් වන අතර ඔවුන් මීට පෙර ද ප්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ වී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එම සැකකරුවන් සතුව තිබී ගිනි අවියක් ද සොයාගෙන ඇති අතර ඔවුන් අද (12)දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

colombotoday

විදේශ කටයුතු ඇමති පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට එක්වෙයි.

Admin

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

colombotoday

හොර ගිවිසුමට කැමති නෑ. ජනාධිපතිවරණයට ඇප තබමින් සිවාජලිංගම් කී දේ

colombotoday

පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ

colombotoday

ආණ්ඩුව දැන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනවා…

colombotoday