Colombo Today Local News

කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සහ ශිෂ්‍ය ක්‍රියාකාරියෙකුට ඇප

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපල වලට පහර දී විනාශ කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරියෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ළඟම ඥාතියෙකු ගේ ශරීර ඇප මතමුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (10) දින නියෝග කර තිබේ.

එහෙත් නවක වදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන12 වන දින මහර අධිකරණයෙහි පවතින නඩු කටයුත්තක් නිසාවෙන් සැකකරුවන් දෙදෙනා නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිළධාරීන් කටයුතු කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා අද (10)දින හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට මුහුණ දුන් අතර එහි සාක්ෂිකරුවන් ලෙස පොලිස් නිළධාරීන් පස් දෙනෙකු පෙනී සිටින ලදී.

ඉන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හතරවන විත්තිකරු වන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තා හදුනා ගැනීමට සමත් වූ අතර පස්වන සැකකරැ වන කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක යන සැකකරැ කිසිදු සාක්ෂිකරුවකු විසින් හදනා ගැනීමට අසමත් වි ඇත.

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරීයෙනු බව කියන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තන් වේ.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි නඩු කටයුතු අප්‍රියෙල් මස 25 දින දක්වා කල් තබා තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන කමල් විජේසිරි නුවන් බෝපගේ නුවන් ඩිල්ෂාන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින ලදී

Related posts

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin

විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව

Admin

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

Admin

ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංස දෙදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කෙරේ

colombotoday

උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාද? නැද්ද? – තීරණය කල් යයි

colombotoday

කොරෝ­නා­වෙන් දරුවන් දෙන්නා බේරා ගන්න නීති විරෝධී ලෙස බෝට්ටු­වෙන් ලංකා­වට ආ රම්මු­ගන් රවායි

colombotoday