Colombo Today Local News

පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

නාමයෝජනා කැඳවීමේ දැන්වීම පළකර දින 14 කින් පසු නාමයෝජනා භාරගන්නා බව කොමිසමේ ඉහළ නිලධාරියෙකු සඳහන් කරයි.

ඒ සඳහා දින තුන හමාරක කාලයක් ලබා දෙන බව ද ඔහු පවසයි.

අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වේ.

පළාත් ආයතන 341 න් ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇති.

Related posts

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය රැකගත යුතු ජාතික සම්පතක් වන්නේ ඇයි ?

colombotoday

බෙල්ජියමේ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති සොව පළකරයි

colombotoday

ගවයින් 16ක් ඕමන්තේදී දුම්රියක ගැටෙයි

colombotoday

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

ISIS තර්ජණ ඇතිබව කියමින් කොළඹ සෞදි තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සෞදි පොලීසිය ගෙන්වයි

colombotoday