Colombo Today Local News

ව්‍යාජ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර අල්ලන්න ආයතන දෙකක් එක්වෙයි

ව්‍යාජ තොරතුරු මත ජාතික හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශගතවීම වැලැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශිලනය කිරීම සඳහා අවසර දෙමින් එම ආයතන දෙක අවබෝධතා ගිවිසුමකට පසුගියදා අස්සන් කර තිබේ.

විදේශ ගතවන පුද්ගලයන් විවිධ හේතු පදනම් කරගෙන ව්‍යාජ උප්පැන්න සහතික, හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශ ගතවීමේ අවස්ථා නිරන්තරයෙන් වාර්තා වන බවත් සැක සහිත හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ක්ෂණිකව පරීක්ෂා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මෙතෙක් අවස්ථාවක් නොතිබූ බවත් එම කාර්යංශය පවසයි.

අවබෝධතා ගිවිසුම අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනතුවේ පරිගණක දත්ත පද්ධතිය පරිශිලනය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවස්ථාව ලැබෙන අතර ඒ අනුව සැකසහිත පුද්ගලයින්ගේ තොරතුරු ක්ෂණිකව පරික්ෂා කිරීමට හැකිව උදාවේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අස්සන් තබා ඇත.

Related posts

කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර හමුවෙයි

colombotoday

සහල් නිෂ්පාදනය 50%කින් අඩුවේ.. මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් වහාම රටින් ගෙනේ !

colombotoday

අරක්කු මිල ඉහළට

Admin

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

colombotoday

එක්නැලිගොඩගේ පුත්‍රයාට ලංකා පුත්‍ර බැංකුවෙන් ශිෂ්‍යත්වයක්!

colombotoday

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday