Colombo Today Local News

විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මත… ලංවීම මාස දෙකක් තුළ බිලියන අටහමාරක ලාභයක් ලබලා

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොදාගෙන ඇති තොරතුරු නිවැරදි නොවන බවත් වර්තමානයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් 37 ක් වුවත් දිනක ඉල්ලුම ගිගාවොට් 48ක් ලෙස ගෙන ලබන වසරේ විදුලි ඉල්ලුම පුරෝකථනය කර ඇති බවත් හිටපු විදුලිබල අමාත්‍යවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අද (27)දින පැවසීය.

රටේ ආර්ථික කඩා වැටීමත් සමඟ විදුලි ඉල්ලුම අඩුවීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් අවධානය යොමු කර නොමැති බව කී පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ, පසුගිය අගෝසතු මස කළ ගාස්තු වැඩි කිරීමෙන් මාස දෙකක් තුළ රුපියල් බිලියන අටහමාරක පමණ ලාභයක් ලැබීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යෑමට අවශ්‍ය ධනයට වඩා වැඩි ලාභයක් උපයා ඇති බවත්ය.

වර්තමාන ගාස්තුව මාස හයක් පමණ පවත්වාගනෙ ගොස් යම් හෙයකින් පාඩු ලබන්නේ නම් ඊළග අදාලව ගාස්තු සංශෝධනයකට යෑම විදුලිබල මණ්ඩල කළ යුතු බවත් ප්‍රතිපත්ති හැදීමේ බලය අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට තිබුණත් විදුලි ගාස්තු ඉහළ දැමීමේ බලය මහජන උපයෝගිතා කොමිසම සතු බවත් අමාත්‍යවරයා කීය.

විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන අයට සහනයක් දෙන බවට රජය කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව කී හිටපු අමාත්‍යවරයා ලෝකය පිළිගත් ප්‍රතිපත්තිය අනුව වැඩියෙන් පරිභෝජනය කරන්නා වැඩියෙන් ගාස්තු ගෙවිය යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday

බෙදුම්වාදී රැළියට රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.. FCIDය විග්නේෂ්වරන් කුදලාගෙන විත් හිරේ දමයි !

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව

colombotoday

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

බුර්කාවක් ඇදගෙන නායකකන්ද දෙවස්ථානය අසල සැරිසැරූ අයෙක් අල්ලයි… එකෙක් පැනයයි…

colombotoday