Colombo Today Local News

ගල් අඟුරු රැගත් නෞකා 3ක් ජනවාරි මස මුලදී දිවයිනට

ගල් අඟුරු රැගත් නෞකා 3ක් ජනවාරි මස මුල මෙරට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (27)දින මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් එක් නෞකාවක් ජනවාරි මස 5 වන දා සහ ජනවාරි 9 වන දා දිවයිනට පැමිණීමට නියමිත බව ය.

තවත් ගල් අඟුරු නෞකාවක් ජනවාරි මස 13 වන දින පැමිණීමට නියමිත බව ද ඔහු පැවසීය.

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ, ජනවාරි මාසය තුළ ගල් අඟුරු නෞකා 7ක් ලබා ගැනීමට උත්සහ කරන බව ය.

“මේක මීට පෙර ලබා ගෙන නැහැ ලංකාවේ. 6ක් තමයි සාමාන්‍යයෙන් උපරිම වශයෙන් ලබා ගෙන තියෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වනවා 7 වන නෞකාවත් ජනවාරි මාසෙට පැමිණෙන, ජනවාරි මාසේ 31 වන දා ලබා ගැනීමේ කටයුතු කරන්න.”

නෞකා කිහිපයක් සඳහා ගෙවීමට අවශ්‍ය මූලික මුදල් ලෙස 30% මුදලක් ගෙවා ඇති බව ද ඔහු එහිදී පැවසීය.

Related posts

කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් ගමන් තහනම ඉවතට

colombotoday

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday

ආණ්ඩු හදන, ආණ්ඩු පෙරළන බ්‍රිතාන්‍ය සමාගම අගමැති රනිල් හමුවෙලා !

colombotoday

රණවිරු දඩයම මෙහෙයවූ CID ලොක්කෙක් පවුලත් සමග රටින් පනී !

colombotoday

විදුලි බිලට පොලියකුත් එක්ක සහනයක්

colombotoday

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් වෙනත් අංශයකට භාර දෙයි

colombotoday