Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට යළි අනතුරු ඇඟවීම්

ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට යළි නායයෑමේ ඇනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබේ.

එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ,

මහනුවර දිස්ත්‍රික්කය,
පාහතදුම්බර, උඩුනුවර, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලේ, පහත හේවා හැට, ගඟවට කෝරලේ, හාරිස්පත්තුව, තුම්පනේ, පුජාපිටිය, යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය,
ගලිගමුව, රඹුක්කන, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, අරනායක, රුවන්වැල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය,
රිදීගම, පොල්ගහවෙල

මාතලේ දිස්ත්‍රික්කය,
රත්තොට, මාතලේ, යටවත්ත, උකුවෙල, නාඋල, නගරපල්ලේගම, පල්ලේපොල

නුවරඑළිය දිස්ත්‍රික්කය,
කොත්මලේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා සඳහන් කරන්නේ, අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින්නැයි නිවේදන නිකුත් කර ඇති බවය.

ඊට අමතරව කණ්ඩි ආශ්‍රිත සිටින ජනතාවට අවදානමක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසකට පැවති තද වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යනු ඇති.

කෙසේවෙතත් අද පස්වරුවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලට අද (27) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

රුපියල තවත් බාල්දු වෙනහැටි

colombotoday

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

යාපනේ හින්දු කෝවිල්වල බිලිපූජා තහනම් කරමින් විනිසුරු ඉලංචේලියන් තීන්දුවක් දෙයි !

colombotoday

මහරගම ගම්මාන තුනක් හුදකලා කරයි

colombotoday

චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

colombotoday

වසන්තගෙන් මූලික අයිතිවාසිකම් කඩවුනැයි පෙත්සමක්

colombotoday