Colombo Today Local News

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25) රාත්‍රී කාලයේ දී වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේ දී කෑකෝ ගසමින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඇළකන්ද මාර්ගයේ සිට කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී පොලීසියෙන් නවතා තිබේ.

පසුව රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙක් අදාළ ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේ දී රථයේ රියදුරු හා පිටුපස අසුනේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් බීමතින් සිට ඇති බව පෙනී යෑම හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී අදාළ පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී පළාගොස් ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව තවත් නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් තිදෙනා ත්‍රීරෝද රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 29 හා 30 යන වයස්වල පසුවන වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් පහරදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

සැකකරුවන් අද (26)දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

විගණන පනත සම්මතකර විගණකාධිපතිගේ බලතල කොමිසමකට පවරනවා – මුදල් ඇමති

colombotoday

උතුර, නැගෙනහිර වත්මන් තත්වය හා විල්පත්තු විනාශය සොයා බැලීමට මහානාහිමිවරු සැරසෙති

colombotoday

බෝ නොවන රෝගවලින් වසරකට මිය යන ගණන එක්ලක්ෂ තිස්දාහක්…!

colombotoday

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

Admin