ඇමරිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර විශේෂ ද්විපාර්ශ්වීය සාක්ච්ඡා වටයක් අනිද්දා 25 ඇමරිකාවේදී ආරම්භවීමට නියමිත බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදී මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු වනු ඇති බව රජයේ ආරංචිමාර්ග සදහන් කර අතර ඒ සදහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමග මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළපෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතය.
මෙම සාකච්ඡාවට අමතරව මෙරට සංහිදියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා එරටදී විශේෂ දේශනයකට එක් වීමටද නියමිතය.