Colombo Today Local News

“පොල් ගහන අයට ගොඩ යන්න බෑ.. නැට්ටෙන් ඉල්ලුවත් අලියා දිනනවා” – නලින් බණ්ඩාර

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අලියා ලකුණෙන් නොව අලි නැට්ටෙන් ඉල්ලූවද එක්සත් ජාතික පක්ෂය ජයගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය කල්දමනු ලබන්නේ පරාජය වේ යැයි බියෙන් නොව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු නිසා යැයි හෙතෙම අද (22) සිරිකොතදී පැවසීය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට හෝ ඒකාබද්ධ විපක්ෂයට බියවීමේ අවශ්‍යතාවයක් තම පක්ෂයට නැති බවත්, ඔවුන් දේවාල ගාණේ පොල් ගසා ගොඩ යන්නට උත්සාහ කළත් එය ඉටුවන්නේ නැති බවත් පෙන්වාදුන්නේය.

රජය ජනතාවට හොරෙන් කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවත්, ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ආර්ථීක හා තාක්ෂණ ගිවිසුම ද අත්සන් කිරීමට පෙර ජනතාවට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හෙතෙම එහීදී කියා සිටියේය.

මේ නිසා එකී ගිවිසුම ගැන බොරු බිල්ලන් මවා පාමින් රට තුළ ප්‍රශ්න ඇතිකිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එසේම උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් මාසයක දී ආරම්භ කරන බවත්, කඩවත සිට මහරගම දක්වා ඉදිකිරිම් චීන සමාගමකටත්, මීරිගම සිට පොතුහැර ආසියානු සංවර්ධන බැංකුවටත්, පොතුහැර සිට ගලගෙදර දක්වා දේශිය සමාගම් වලටත් ලබාදෙන බවත්, ඔහු වැඩිදුරටත් කීවේය.

Related posts

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

Admin

සිනමන් ග්‍රෑන්ඩ්, දෙහිවල, දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙන්න… සැමියයි බිරිදත් ඒ අතර…

colombotoday

අගුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin

තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ වැලි ජාවාරමක්

colombotoday

ටෙලිකොම් ලොක්කෝ පිස්සු කෙලිනවා – වෘත්තීය සමිති ජනපතිට කියයි

colombotoday