Colombo Today Local News

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

තමන් බාල දේශපාලනය කරන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා මෙම ආණ්ඩුව යටතේ ඇමතිකම් ගැනීමේ හෝ රාජ්‍ය බලයට සම්බන්ධවීමේ සූදානමක් නැතැයි ද කීය.

ශ්‍රී ලංකා දේශපාලනයට අවශ්‍ය පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන් කැප වන බව කී රණවක මහතා මේ අවස්ථාවේ රටට අවශ්‍ය තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව ද පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහනුවර දී ඊයේ (18)දින පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

විවිධ කණ්ඩායම් සන්ධානගත වීම හොඳ දෙයක් වන නමුත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය විකල්පයක් බව කී මන්ත්‍රීවරයා අරගලයෙන් සහ රට අද මුහුණ පා ඇති බංකොලොත්භාවයෙන් පෙන්වා ඇත්තේ රටේ දේශපාලන වශයෙන් වෙනසක් ඇති කිරීමට තරුණ පරම්පරාව මුල් කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව යැයි ද සඳහන් කළේය.

පොලිස් රාජ්‍යය හා මර්දනය නවත්වා ඕනම අයකුට ඉදිරිපත් විය හැකි පරිදි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පවත්වන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද පාඨලී චම්පික මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල සාර්ථක අසාර්ථකභාවය තාමත් පැහැදිලි නොමැති බැවින් එය ලැබුණත් නැතත් රට ඉදිරියට ගෙනයෑමේ වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බව ද හෙතෙම කීය.

Related posts

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගනී

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තියන්න ගියොත් ආණ්ඩුව ඉවරයි – චම්පික නොකියා කියයි

colombotoday

කරන්නාගොඩ චෝදනාවලින් නිදහස් කළේ, රහස්‍ය වාර්තාවක් පදනම් කර ගෙනයි – නීතිපති

colombotoday

මහින්දගේ නිවේදනයෙන් හොර එළිවෙයි… බැදුම්කර හොරු තිගැස්සෙයි !!

colombotoday

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් රැගෙන එයි

colombotoday

සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවදානමක් නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday