Colombo Today Local News

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

ලයිෆ් ලයින් ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ තොගයක් රොටරි ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රථම කාන්තා සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා විසින් අද (16)දින නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට භාර දී තිබේ.

මෙම ඖෂධ තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 130000 ක් පමණ වන අතර රොටරි සමාජය එක්රැස් කළ අරමුදල් මත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙම ඖෂධ ලබා ගෙන ඇත.මෙම ඖෂධ තොගය දරු ප්‍රසූතියේදී කාන්තාවන් සඳහා, වේදනා කළමනාකරණය සහ අධි රුධිර පීඩනය ඇතුළු විවිධ ප්‍රතිකාර සඳහා සහාය වනු ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසා තිබේ.

Related posts

කොරෝනා ආසාධිත දේහයන් භූමිදානයට අවසර දී නෑ. සිදුකරන්නේ ආදාහනය පමණයි. සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඩ් බදුර්දීන්ට ප‍්‍රහාරයක් !

colombotoday

GSP බදු සහනය අත්හිටුවීම ලංකාවට තදටම දැනෙයි.. ඇමරිකානු තානාපති කියයි

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ දී නිකුත් කෙරේ

colombotoday

දමිළ ජනතාවගේ එකම නායකයා ප්‍රභාකරන් පමණයි – අයින්කරනේසන්

colombotoday

අණ නොතකා ගිය ටිපර් රථයකට වෙඩි

colombotoday