Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වැඩ අරඹයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16)සිට යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොරතෙල් නොමැති වීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් මස 7 වැනිදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීය.

මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා අවසන් අතර තවත් නෞකාවක් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බව අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව අද(16)දිනයේ සිට පිරිපහදුවේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මෙමගින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550 ක්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 950ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 1,500 ක් නිෂ්පාදනය කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ජූලී චන්ග්

colombotoday

ජනාධිපති රුපියල බේරාගත් විදිය කියයි

Admin

මාවනැල්ල ප්‍රා ස සභාපති ධුරයෙන් පන්නයි

Admin

මහින්දගෙ කාලෙත් රුපියල 14%කින් බැස්සා… ඒකාබද්ධය අත දරුවන් වෙන්න හදනවා – මුදල් ඇමති

colombotoday

“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ

colombotoday

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday