Colombo Today Local News

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඉන් සැකකරුවන් 6 දෙනෙකු ඊයේ (දෙසැ. 12) රාත්‍රියේ පේරාදෙණිය පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් සිව් දෙනා අද අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් අවුරුදු 23 හා 25 අතර වයස්වල පසුවන නිට්ටඹුව, සඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනගමුව හා ගලගම්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සිද්ධියට සම්බන්ධ සිසුන් 12 දෙනෙකු හඳුනාගෙන තිබුණු අතර ඔවුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ පියවර ගෙන තිබිණි.

Related posts

දරාගත නොහැකි විදුලි මිල නිසා සේවකයන් ලක්ෂ දෙකක් මහ පාරට වැටීමේ අවදානමක

colombotoday

විල්පත්තුව ගැන හොයන ජනපතිගේ “ස්වාධීන” කොමිසම හොරාගෙ අම්මගෙන් පේන අහන හැටි මෙන්න !

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday

දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරියා මිය යයි

Admin

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

colombotoday

යතුරු පැදිය ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට

colombotoday