Colombo Today Local News

ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි – පොහොර ගන්න ගොවීන්ට රජයෙන් මුදල්

රජය මැදිහත්වීම මත සිදු කෙරෙන පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් 2023/24 මහ කන්නයේ සිට ඉවත්වීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය ගන්නා බවත්, වී හා බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය යුරියා හා අනෙකුත් පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලට සහනාධාරයක් ලෙස මුදල් බැර කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අනුව වගාවට අවශ්‍ය යුරියා පොහොර ඇතුළු සියලු පොහොර සැපයීම පුද්ගලික අංශ මගින් සිදු කරන අතර පොහොර මිල දී ගැනීමට අවශ්‍ය මුදල් රජය විසින් ගොවි ජනතාවට ලබා දෙන අතර හෙක්ටෙයාර් එකකට රුපියල් 50,000කට වැඩි මුදලක් ගොවි ජනතාවට ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

colombotoday

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

පොල්ලකින් පහර කෑ කතක් මරු දකී

colombotoday

පැරසිටමෝල් පෙත්තට උපරිම සිල්ලර මිලක්

colombotoday

ෆොන්සේකාට පක්ෂව සහ විපක්ෂව විරෝධතා.. කිරිබත්ගොඩින් නුවර පාර අවහිර වෙයි

colombotoday

ඉන්දියාව 100වැනි චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කරයි

colombotoday