Colombo Today Local News

මවගේ අනියම් සැමියාගෙන් පහර කෑ තවත් සිගිත්තෙක් මරු තුරුලට යයි

මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

ගම්පහ, පහලගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති කුඩා දරුවා මෙසේ ඝාතනය කර ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට ලද තොරතුරක් මත දරුවා පදිංචිව සිටි පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එම දරුවාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් අද අළුයම 2.30 ට පමණ කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවත් එම දරුවාගේ මවගේ අනියම් සැමියා වු සැකකරුව ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

“වොක්ස්වැගන් එනව කියල අපිනම් කීවෙ නෑ“ – අගමැති දැන් කියන කතා (Video)

colombotoday

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

colombotoday

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් 15ක් ලංකාවේ සිට ඉන්දියාවට පැනලා !

colombotoday

මේ මැතිවරණයේදී අපි බලය ඉල්ලනවා මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න – ඥානසාර හිමි මැතිවරණයට

colombotoday

ඉන්දියානු ව්‍යාපාරිකයන්ට ආයෝජන ප්‍රවර්ධන ඇමැතිගෙන් වසර 05කට වීසා

colombotoday