Colombo Today Local News

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

නැගෙනහිර පළාතේ මාංශ අලෙවිසැල් සතියක කාලසීමාවක් සඳහා වසා දැමීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව අද (12)දිනයේ සිට එළඹෙන (18) වනදා දක්වා කාලය තුළ නැගෙනහිර පළාතේ සියලුම මස් අලෙවිසැල් වසා තැබෙනු ඇති.

කෙසේ වෙතත් කුකුළු මස් අලෙවිසැල් සඳහා මෙම තීරණය අදාළ නොවන බවද පළාත් පාලන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සත්ව මරණ රැසක් වාර්තා වූ අතර එම සතුන්ගේ මාංශ මිනිස් පරිභෝජනය සඳහා අලෙවිකිරීමේ අවදානමක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

වගා හානි වීම් තක්සේරු කිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්

Admin

බැංකු ණය අය කිරීම මාස 6කින් කල් දැමේ… අද මැදියම් රෑ සිට සහන රැසක් !

colombotoday

ජවිපෙ අපේක්ෂකයෙකුගේ මෝටර් රථයට ගිනි තබයි

colombotoday

බුද්ධාගමට අපහාස කළ අබ්දුල් රාසික් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට අනුමැතිය.

colombotoday