Colombo Today Local News

කෝටි 40කට අධික වටිනා රත්තරන් රේගුවේදී අල්ලයි

රුපියල් කෝටි 40 ක අධික වටිනාකමින් යුත් කිලෝ 22 ක් පමණ බර රන් ආභරණ සහ රන් කුඩු තොගයක් චෙන්නායි සිට පැමිණි මගීන් සිවුදෙනකුගේ ගමන් මළුවල තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයන්ගේ මළුවල තිබී හඳුනාගැනීමට නොහැකි ලෙස වර්ණ ගැන්වූ රන් ආභරණ, ද්‍රව ලෙස සකස් කළ රන් කුඩු සහ රන් ආලෝප කළ ඇඳුම් 30 ක් භාරයට ගත් බව කී රේගුව මෙය ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ දැවැන්ත රත්තරන් වැටලීමක් බව ද සඳහන් කරයි.

ඉන්දීය බුද්ධි තොරතුරු ආයතනයක් දුන් තොරතුරකට අනුව චෙන්නායි නුවර සිට පැමිණි මගීන් සිවුදෙනෙක් පරීක්‍ෂා කළ බවත් ඉන් තිදෙනෙක් ඩුබායි සිට චෙන්නායිවලට පැමිණ එතැන් සිට කටුනායක බලා පැමිණ ඇති බවත් රේගුව පවසයි.

Related posts

තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!

colombotoday

වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවසර

colombotoday

දඹුල්ල පූජා නගරයට වෙන් කළ ඉඩම් කැබලි කර විකුණයි…

colombotoday

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

නිවසේදී මියගිහින් රෝහලට රැගෙන ආ මළ සිරුරක් අතුරුදන්

colombotoday