Colombo Today Local News

පුංචි ඡන්දයට රු. බිලියන 10ක වැය ඇස්තමේන්තුවට අනුමැතිය

පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ, එම වැය ඇස්තමේන්තුවට මෙවර අයවැයෙන් අනුමැතිය හිමිවී ඇති බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ මස අවසන් සතියේදී නිකුත් කරන බව මැතිවරණ කොමිසම ඊයේ(08)දින නිවේදනය කළ අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සඳහා 2022 ඡන්ද හිමි නාම ලේඛනය පළාත් පාලන ආයතන මට්ටමින් සකස් කිරීම අවසන් කර ඇති බවයි.

ඒ අනුව පළාත් පාලන ආයතන 341 ක් සඳහා ඡන්ද හිමි නාම ලේඛන සකස් කළ බව මැතිවරණ කොමිසම සදහන් කළේය.

Related posts

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

“බැදුම්කර වංචාව වැළැක්වූවානම් වැට් ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි

colombotoday

තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම සීමා කරයි

colombotoday

ඝාතනයකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධ සමග අල්ලයි

Admin