Colombo Today Local News

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන පොලීසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ පත්‍රිකාවක් ලබාදීමට උත්සහ කළ රථවාහන අංශයේ පොලිස් නිළධාරින් දෙදෙනෙකුට මෙම තරුණයා විසින් බැණවදින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ප්‍රකාශයක් ලබාදීමට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුන්වන දිනටත් CID කැඳවයි

colombotoday

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin

අගමැතිගේ නිවස අසල විරෝධතාවක්

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

“මා කැමති කලු පාටටයි.. සුදු එක මගේ නෙවෙයි“ – අධ්‍යාපන ඇමති අකිල

colombotoday

නත්තල් සාදයක් මරණයකින් කෙළවර වෙයි

colombotoday