Colombo Today Local News

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

ලබන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටට ලැබී ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි.

තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටවුයේ, ඉන්ධන පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් නොමැති වීමෙනි.

Related posts

මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

colombotoday

වැට් බදු වැඩිකළේ ටික කාලයකටයි.. පසුව තිබුණාටත් වඩා අඩු කරනවා

colombotoday

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday

“බන්ධනාගාර නිලධාරීන් පමණයි වෙඩි තැබීම් සිදුකර තිබෙන්නේ” | මහර ගැටුමට හේතු වු තවත් කරුණු හෙළිවෙයි.

colombotoday

මහින්දගේ චීන ගනුදෙණු ගැන රහස් පොලීසිය විමර්ශන අරඹයි…

colombotoday

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin