World

නීතිවිරෝධී උද්ඝෝෂණ තීරණාත්මකව මඩින්න බ්‍රිතාන්‍ය අගමැති පොලිසියට බලය දෙයි

නීති විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය රජය එරට පොලිසියට නව බලතල ලබාදෙමින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනක් පවසයි.

බ්‍රිතාන්‍ය පොලිස් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

එහිදී අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ, තමන් සියලු ම පොලිස් ප්‍රධානීන් සමග අසුන් ගත්තේ, නීතිවිරෝධී උද්ඝෝෂණ තීරණාත්මකව මැඩලීමට තම පූර්ණ සහයෝගය ඔවුන්ට ලැබෙන බව පැහැදිලි කිරීමට බව ය.

“ආත්මාර්ථකාමී සුළුතරයක් සාමාන්‍ය මහජනතාවගේ ජීවිත කඩාකප්පල් කිරීම කිසිසේත් ම පිළිගත නොහැකියි” ඔහු අවධාරණය කළේ ය.

අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ, “මගේ අදහස නම් නීතිය කඩ කරන අය එහි සම්පූර්ණ බලතල තේරුම් ගත යුතුයි. ඒ බලතල ලබාදීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා” යනුවෙනි.

ඒ අනුව, නීති විරෝධී උද්ඝෝෂණ මැඩලීම සඳහා බ්‍රිතාන්‍ය රජය මේ වන විටත් පොලිසියට ඇතැම් බලතල ලබාදෙන බව ඔහු සඳහන් කළේ ය.

“ඔවුන්ට මගේ සම්පූර්ණ සහය ලබා දෙනවා. ඒ වගේ ම මම පොලිසියට කියලා තියෙනවා රජයෙන් අවශ්‍ය ඕනෑ ම සහයක් ඔවුන්ට ලැබෙන බව. අලුත් බලතල අනුව ඔවුන්ට ඒ දේ ලැබේවි.”

එම තීරණය සම්බන්ධයෙන් ටිව්ටර් පණිවිඩයක් ද නිකුත් කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ, “මේ දේවල් නිසා මහජනතාව පීඩා වින්දා ඇති” යනුවෙනි.

ඩව්නිං වීදියේ පැවති අදාළ සාකච්ඡාවෙන් පසුව පොලිස් ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ, අගමැතිවරයා සමග පැවති සාකච්ඡාව “ඵලදායී” සාකච්ඡාවක් වූ බව ය.

පොලිසිය “විරෝධතා විරෝධී” නොව, “අපරාධ විරෝධී” බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන කොස්තාපල් බීජේ හැරින්ටන් ප්‍රකාශ කර ඇත.

Related posts

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්.. මාධ්‍ය හමුවේ සිටි ජනපති ට්‍රම්ප්ව ආරක්ෂකයින් රැගෙන යයි

colombotoday

යුක්‍රේනයේ කියෙව් අගනුවර පිපිරීම්

Admin

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

මහාධිකරණ නඩු විභාගයකදී බුර්කාව ගලවන ලෙස විනිසුරු නියෝග කරයි.

colombotoday

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday