Colombo Today Local News

පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429ක් හදුනා ගනී

දිවයින පුරා පසුගිය කාර්තු 3දී පමණක් එච්.අයි.වී. අසාදිතයන් 429 දෙනෙකු වාර්තා වූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහනේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා විශේඥ වෛද්‍ය ජානක වේරගොඩ පවසයි.

එම අසාදිතයන් අතරින් 35% ක ප්‍රමාණයක් අවුරුදු 15-30 අතර වයසේ පසුවන තරුණ ප්‍රජාව බව ත් ඉන් බහුතරයක් පිරිමි පාර්ශවය බව ත් ඔහු පවසයි.

සමස්ත එච්.අයි.වී. අසාදිතයන්ගෙන් සියයට පනහක් පිරිමි ලිංගික සම්බන්ධතා පවත්වන අය බව ත් මෙවැනි සම්බන්ධතා හේතුවෙන් පිරිමි අසාදිතයන් වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බව ත් හෙතෙම කියයි.

එසේ ම පසුගිය වසර අවසන් වන විට දිවයින පුරා හමු වූ එච්.අයි.වී. අසාදිතයන් සංඛ්‍යාව 3,600ක් බව ත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

මේ සියලු දත්ත ජාත්‍යන්තර නිර්ණායක අනුව සිදුකර තිබෙන බවත් ඒවා සහතික කර තහවුරු කරන ලද දත්ත බව ත් ඔහු පවසයි.

එසේ ම, අදට (දෙසැ. 1) යෙදී ඇති ලෝක එඩ්ස් දිනයේ තේමාව වන්නේ ‘සමානාත්මතාව සුරකිමු’ යන්න බව ත් සියලු දෙනාට එක සමානව සැලකිය යුතු බව ත් ඔහු වැඩිදුරට ත් සදහන් කරයි.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin

පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයි

Admin

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 දා කෝප් කමිටුව හමුවට

colombotoday

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

වනාතේ අරුණි හෙරොයින් එක්ක අතටම මාට්ටු

colombotoday

ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රශ්න කරයි

colombotoday