Colombo Today Local News

පෑලියගොඩ, කළු පාලම අසල නාදුනන මළ සිරුරක්

පෑලියගොඩ, කළු පාලම ආසන්නයේ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.

ඊයේ (30) සවස 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයක් මත පෑලියගොඩ පොලිසිය ආරම්භ කළ විමර්ශනයේදී මෙම මෘත ශරීරය සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මරණකරු වයස අවුරුදු 60ක් පමණ වන උස අඩි 5යි අඟල් 5ක් පමණ වන තලෙළු සිහින් සිරුරක් හිමි පුද්ගලයෙකි.

කොණ්ඩය තැනින් තැන සුදු පැහැ වී ඇති අතර මුහුණ පුරා සුදු උඩු රැවුල හා යටි රැවුල වැවී ඇත.

උඩු කයට දම් පැහැති ඉරි සහිත අත් කොට කමිසයක් හා යටි කයට තැඹිලි, කළු, සුදු හා ලා නිල් මිශ්‍ර කොට කලිසමක් ඇඳ සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

කෙහෙලිය ගෝ ගම සංවිධායකයින් අත්අඩංගුවට

Admin

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin

වන්දි ගෙවන්න පැන්ෂන් එකත් මදි… මං ගිහින් විජේදාසගේ ගෙදර නිවතිනවා – ෆොන්සේකා

colombotoday