Colombo Today Local News

ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමය වෙනස් වෙයි

මීට පස්සෙ පාසලේ පන්තියට යවන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර හතරක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (24)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

ගුරු සේවයට බඳවා ගන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. දුෂ්කර පළාත්වල ගුරු හිඟය සපුරා ගැනීම සඳහා ඩිප්ලෝමා ලබපු අයත් සලකා බලා තිබුණා. මීට පසු අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ වෙනස් ක්‍රමයකට. පීඨ දහනවය එකතු කරලා ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය බිහි කරනවා. මේකෙ අවුරුදු 4ක උපාධිය සහ ගුරු පුහුණුවෙන් පස්සේ තමයි පාසලේ පන්ති කාමරයට යවන්නෙ. ගුණාත්මකභාවයෙන් යුතු ගුරුවරයකු හදනවා.

Related posts

ලබන ඉරුදිනත් දේව මෙහෙයන් පැවැත්වීමෙන් වලකින්න – කාදිනල්තුමා ඉල්ලයි

colombotoday

සංකූලතා නොමැති ආසාදිතයින් සඳුදා සිට නිවෙස් නිරෝධායනයට

colombotoday

වෑන් රියක් සමග කුණු කන්දට යටවුණු පහළොස් දෙනෙකු සොයා කැණීම් ඇරඹේ

colombotoday

සහන මිලට මත්පැන් වර්ගයක්

Admin

චීනයේ කිනිතුල්ලන් ගෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක්… 07ක් මරුට

colombotoday

බදුර්දීන් රකින්න දූෂණ විරෝධී පෙරමුණත් සෙට් වෙයි.. විල්පත්තුව කැපුවේ දැව සංස්ථාවලු !

colombotoday